25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නව පොලිස් ස්ථාන 190ක් ස්ථාපනය කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍ය

Must read

දැනට ශ්‍රී ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494ක් බවත් බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අදියරක් ලෙස තම අපේක්ෂාව පොලිස් ස්ථාන වැඩි කිරීම බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූූවේ අයියන්කන්කුලමි නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙම අදියර යටතේ නව පොලිස් ස්ථාන 190ක් අලුතින් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවත් මෙම ප්‍රදේශයන්හි ජනතාවට පොලීසියේ සේවාවක් ලබා ගැනීම සඳහා දුෂ්කරතා පවතින බැවින් මෙලෙස නව පොලිස් ස්ථාන ස්ථාපනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් හා පස් කැපීම් වැනි ජාවාරම් පිළිබඳවද තමන් සොයා බලන බවත් මෙවැනි කටයුතු වල නිරතවන්නන් හට දැඩි දඬුවම් නියම කරන බවත් මෙම නව පොලිස් ස්ථාන ස්ථාපනය කිරීමට ගෙන ඇති පියවරයන් හරහා අපරාධ කරන්නන් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාවක් ලැබෙන අතර එවැනි පුද්ගලයින්ට නීතියෙන් පැනයාමට ඇති අවස්ථාවද මග හැරෙන බවයි.

More articles

Latest article