25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

පර්ල් නැවෙන් වූ හානිය ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් 5ක් දෙසැම්බර් 1 දා විභාගයට

Must read

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් දෙසැම්බර් මස 1 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයන් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජේ.ජෙගතීෂ්වරන් යන අය මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

More articles

Latest article