25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවන්ට ලබාදුන් ලීසිං සහන නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

Must read

සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවන් වාහන මිලදීගැනීම සඳහා මූල්‍ය ආයතනවලින් ලබාගත් කල්බදු  ලීසිං ණය මුදල් ගෙවීමට ලබාදී ඇති ණය සහන කාලසීමාව තවත් මාස හයකින්  දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (22) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ලීසිං වාරික ආපසු ගෙවීමේ සහන කාලසීමාව වසරකින්  දීර්ඝකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත  රිට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා ශ්‍රී  ලංකා සංචාරක රියදුරු  එකමුතුව විසින් ගොනුකළ  රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥ සචින්ත ඩයස් මහතා එම දැනුම්දීම සිදුකළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා සඳහන් කළේ ඉදිරි මාස හයක කාලසීමාව තුළ ලීසිං වාරික නොගෙවන සංචාරක ව්‍යාපාරයේ  නියුතුවූවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවය.

එම සහන කාලසීමාව තවත්  දීර්ඝකිරීමට අවශ්‍ය නම් ඒ වන විට පවතින තත්ත්වය සලකා බලා මහ බැංකුව සුදුසු තීරණයක් ගනු ඇතැ යි ද ඔහු සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම මෙම මස 31 වනදා නැවත කැඳවීමට නියම කළේය.

More articles

Latest article