ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා ඇත. ව්‍යාපෘතියේ අරමුණ හම්බන්තොටට පිරිසිදු පානීය ජලය ලබා දීම බව ද අමාත්‍යවරයා පවසයි.
ගිං සහ නිල්වලා ගංගාවල ජලය, චන්ද්‍රිකා වැව හරහා ගිරුවාපත්තුට රැුගෙන ඒම සදහා වූ ව්‍යාපෘතියක්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ කාලයේ සැලසුම් කර තිබුණු බවත්, අදාල ව්‍යාපෘතිය චීන සමාගමකට භාර දී තිබුණු බවත් අමාත්‍යවරයා පවසයි.
මෙම ව්‍යාපෘතියට අදාලව සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් බැදිය යුතුව තිබේ. එක් වැවක් අක්කර පහක පමණ විශාලත්වයකින් යුතු ව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි.
වැව් ඉදිකිරීම හේතුවෙන් සිංහරාජයට අහිමිවන පරිසර පද්ධතිය වෙනුවට තවත් අක්කර පනහක් හෝ සීයක් සිංහරාජයට එකතු කිරීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පවසයි.