24 C
Colombo
ඉරිදා, ඔක්තෝබර් 1, 2023

දඹුල්ලේ එළවළු පලතුරු තොග ගොඩ ගැහිලා – රෝහිණි කවිරත්න

Must read

දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහතිමිය පවසයි.

ආණ්ඩුව නිරෝධායනය ඇඳිරි නීතිය පනවන බවක් නොකියා සියලු තහංචි පනවා ගොවීන් අමාරුවේ දැමූ බව ද මන්ත්‍රිවරිය කියයි.

මාතලේ ගොවීන්ට එළවළු හා පලතුරු දඹුල්ලට රැගෙන එන්නැයි කියා ආණ්ඩුව සංචරණ සීමා දැමීම නිසා එම එණවළු හා පලතුරු තොග අපතේ යන තත්ත්වයකට පත්ව තිබෙන බව ද මන්ත්‍රීවරිය පවසන්නීය.

More articles

Latest article