25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කිරිඇල්ල සහ මද්දුම බණ්ඩාර නිවෙස් නිරෝධායනයට

Must read

කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිතවු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු නිවෙස් නිරෝධායනයට යොමු වූහ.

විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇති හෙයින් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාටත් තවත් මන්ත්‍රිවරුන් කීප දෙනෙකුටත් දැනුම් දුන්නේය.

මේ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමේදීය.

ප්‍රේමදාස මහතාට සමීප වූ පාර්ලිමේන්තු සේවකයන් සොයා ගැනීමට ද සිසිටිවි කැමරා පරික්ෂා කර ගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය

More articles

Latest article