31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබයි

Must read

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශවීය සාකච්ඡා දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද 2021.03.20 දින පෙරවරුවේ ඩකා නුවර පිහිටි බංග්ලාදේශ අග්රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ආර්ථික, ආයෝජන, වෙළඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට ගෙනයාම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින ආකාරය මෙහි දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ඇගයීමට ලක්වූවාය.

රට විවෘත කර එන්නත් ලබාදීමේ කාර්යය වේගවත් කිරීම ඔස්සේ වසංගතය පාලනය වන අකාරය තේරුම් ගත හැකි බව කී අග්‍රාමාත්‍යතුමිය, බංග්ලාදේශ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගත් බව හෙළි කළාය.වෛද්‍ය සේවා සැපයීම මෙන්ම ජීවනෝපායන් ශක්තිමත් කිරීම උදෙසා එරට ජනතාවට දිරි දීමනා හඳුන්වා දුන් බව ද ඇය පැවසුවාය.

සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය මෙහි දී විශ්වාසය පළ කළාය.

කලාපීය ආර්ථික සහයෝගීතාව වර්ධනය වන ආකාරයට කලාපයට අනන්ය වූ ආර්ථිකයක් ගොඩනැගීමේ යෝජනාව බංග්ලාදේශ අගමැතිනිය මෙහි දී දූත පිරිසේ අවධානයට යොමු කළාය.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය.

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට බංග්ලාදේශ විශ්ව විද්යාලයන්හි අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ඇති බව සඳහන් කළ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට එරටට පැමිණෙන්නැයි ආරාධනා කළාය. දෙරට අතර ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සංචාරක කර්මාන්තය සහ වෙළඳාම් වැඩි දියුණු කර ගැනීම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී දෙරටේ දූත පිරිස අතර අවධානය යොමු වූහ.

More articles

Latest article