29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

යුද හමුදාවෙන් ඇඳන් 20,000ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි

Must read

කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.

රජයේ රෝහවල ඇඳන් ධාරිතාව වැඩි කිරිම සදහා 10.000 ක ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බව ද හමුදාව සඳහන් කරයි .

ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 මේ දක්වා පවත්වාගෙන යන බවද බව ද හමුදාව සඳහන් කරයි .

මෙලෙස නිෂ්පාදනය කර ඇති ඇඳන්වලින් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද හමුදාව සඳහන් කරයි .

කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල වේගයෙන් වර්ධනය වීමත් සමගම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පහසුකම් අවම වීම හේතුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවද බව ද හමුදාව පවසයි .

කොස්ගම යුධ හමුදා යුධෝපකරන බලකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද හමුදාව කියා සිටියි.

More articles

Latest article