33 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කෙරේ

Must read

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (19) පෙරවරුවේ එයට අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සභාපතිවරයා වෙත බාරදෙනු ලැබිණි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු,එහි සභාපති,නියෝජ්‍ය අමාත්‍යවරයකු, ජනමාධ්‍ය අමාත්‍ය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය,අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය, සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය, ගුවන් සේවා අමාත්‍ය, උතුරු පළාත් ආණ්ඩුකාර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වශයෙන්ද රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙයට පෙර කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ද එක්ව සිටියේය.

More articles

Latest article