27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල දර්ශක අගයයන් සටහන් වෙයි

Must read

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල දර්ශක අගයයන් අද (30) දිනයේ දී සටහන් විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 238.44 ක දැවැන්ත ඉහළ යාමක් දිනය තුළ වාර්තා වීම විශේෂත්වයකි. එය පෙර දිනයට සාපේක්ෂව 2.13% ක වර්ධනයක් වේ.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,440.53 ක් ලෙසින් වාර්තා වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය වේ.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 3,900.02 ක් දක්වා ඒකක 70.37 කින් දිනය තුළ දී ඉහළ යන ලදී.

අද දින රු. බිලියන 10.05 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

More articles

Latest article