29 C
Colombo
බදාදා, මැයි 22, 2024

ආර්ථිකය ශක්තිමත් වූ පසු වාහන ආනයන සීමා ලිහිල් කරනවා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Must read

රටේ ආර්ථිකය යම් තරමක‍ට ශක්තිමත් වීමෙන් පසුව, වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති සීමා‍වන් ලිහිල් කිරීමට‍ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා‍වන් ස්ථිර‍ ඒවා නොවන බවත් මෙරටදී වාහන එකලස් කිරීම වෙනුවෙන් ආයෝජකයන් දිරිගැන්වීම හා අවශ්‍ය බදු සහන දීම ඇතුළු පහසුකම් සපයන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය. ආයතන කිහිපයක් මේ වන විට‍ වාහන එකලස් කිරීමේ ක‍ටයුතු ආරම්භ කර ඇති අතර තවත් ආයතන කිහිපයක් රජය හා මුදල් අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමැතිවරයා පැවසීය.

More articles

Latest article