29 C
Colombo
බදාදා, මැයි 22, 2024

ජනතාවට සුබ සෙත උදා කරන්න මා සූදානම් – සජිත් ප්‍රේමදාස

Must read

රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා බලයෙන් අතට ගෙන ජනතාවට සුබ සෙත උදා කරන බවත් ඒ සඳහා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජන බලවේගයක් ගොඩනඟන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතෘ භූමිය අන්ත අගාධයකට ඇද දමමින් රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වත්මන් ආණ්ඩුව උදුරා ගෙන තිබෙන බවද ඒ මහතා කීය. ඉහළ යන ජීවන වියදමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මහනුවර නගරයේදී ඊයේ (29) සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයට එක් වෙමින් විපක්ෂනායක වරයා මේ බව පැවසීය. රටේ ප්‍රධාන විකල්ප ආණ්ඩුව වන සමඟි ජන බලවේගය මහ පාරට බැහැලා දුක් විඳින ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ ජනතවාදී සටනයි. අද බඩු මිල අහස උසට නැගලා. අපේ රට නැවත වරක් පෝලීම් යුගයකට ගිහින්. ගෑස්, කිරි පිටි, සිමෙන්ති, හාල්, පරිප්පු පෝලම් ඇති වෙලා. මේ රටේ වියතුන් පාලනය කරනවා කියලා කිව්වට අද නිර්මාණය කරලා තියෙන්නේ 70-77 වගේ පෝලීම් යුගයක් යැයි ද හෙතෙම කීවේය. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ.දරුවන් නඩත්තු කරන්න බැහැ. දූරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා නිසා දැවැන්ත අධ්‍යාපන අර්බුදයක් නිර්මාණය වෙලා. ගොවියාට තෙල්, පොහොර ටික අහිමි කළා. තරුණ පරපුරු දස දහස් ගණනක් රට අතහැර යන්න පාස්පෝට් ගන්න පෝලීම් වල දුක් විඳිනවා. බුද්ධි මාරඹේ වැනි උගත් මහචාර්යවරුන්ව වගකීම්වලින් රජය ඉවත් කරලා. මේකට හේතුව ඔහු ආණ්ඩුවේ එහෙයියෙක් නොවීමයි. කෘෂිකර්ම ඇමැතිගේ අත කොළුවක් නොවීමයි.

More articles

Latest article