33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

රංජන්ට පූර්ණ නිදහස දෙන්න – සජිත් ප්‍රේමදාස

Must read

සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මානව හිතවාදී දේශපාලනඥයෙකු මෙන්ම, ජනකාන්ත කලාකරුවෙකු ද ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රංජන් රාමනායක මහතා නිදහස් පුරවැසියකු ලෙස සමාජයට පැමිණ, නැවතත් ශක්ති සම්පන්නව සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරනවා දැකීම තම ඒකායන පරමාර්ථය බවද විපක්ෂ නායකවරයා පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කීවේය.
රන්ජන් රාමනායක මහතා සමඟ එහිදී දීර්ඝ වේලාවක් අදහස් හුවමාරු කරගැනීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

More articles

Latest article