31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ගාලුමුවදොර දී වූ පහරදීම ගැන විපක්ෂ නායක පැමිණිල්ලක් කර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉකුත් මැයි මස 9 වැනි දා ගාලුමුවදොරදී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් සිදු කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

විපක්ෂ නායකතුමාට එලෙස පහරදීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙක් හඳුනාගෙන ඇතැයි වාර්තා නොවීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් තල්දූව මහතා මෙසේ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූවා නම් පරීක්ෂණ පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ මේ වන විටත් ඉකුත් කාලයේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වී නැති බවය. ගාලුමුවදොර සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ අධිකරණයට වාර්තා කරමින් හා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් බව කී ඒ මහතා එම සිදුවීම්වලට අදාළව මේ වන විටත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි කීවේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

More articles

Latest article