31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

රාජපක්ෂලා වැල් පාලමෙන් එගොඩ කළ ජනපති රනිල් ජනතාව හෙළට තල්ලු කළා – සජිත් ප්‍රේමදාස

Must read

රාජපක්ෂලා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් වැල් පාලමෙන් එගොඩ කළ ජනපති රනිල් වික්‍රමසිංහ සමස්ත ජනතාවම හෙළට තල්ලු කර ඇතැයි සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (28) බුත්තල ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට ඉසුරු සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමඟි ජනබලවේගයේ බුත්තල ආසන බලමණ්ඩල රැස්වීමේදී පැවසීය.

මොනරාගල දිස්ත්‍රික් පා.ම ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා මේ රැස්වීම සංවිධාන කර තිබුණු අතර, ඊට දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

විපක්ෂ නායකවරයා එහිදී මෙසේද පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කීවත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජමිතුරන් පමණයි.

ලක්ෂ 220ක් වූ රටේ සමස්ත ජනතාව වැල් පාලමෙන් හෙළට තල්ලු කළා. ආණ්ඩුව මගඩියක් වෙලා. රට ගොඩනැඟීමට නව ජනවරමක් අවශ්‍යයි. රටේ ආර්ථික අර්බුදය විසඳීමට රාමුවෙන් පිටත සිතමින් නව ක්‍රමවේද සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතුයි.

රජය වහාම ජනතා අපේක්ෂා ඉටුකළ යුතුයි. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක්. අපි ආණ්ඩුවට බල කර සිටිනවා මැතිවරණයක් පවත්වන්න. සමඟි ජනබලවේගය ජනතාවට නායකත්වය දීමට සූදානම්. ගොවීන්ගේ කම්කරුවන්ගේ කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට හැකියාව අපට තියෙනවා. එබැවින් සමඟි ජනබලවේගය සමඟ එක්වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, රෝහණ බණ්ඩාර යන මහත්වරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මේ අවස්ථාවට සහභාගි වූහ.

More articles

Latest article