27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හිටපු ජනපති මෛත්‍රී 71 වතාවක් අගමැතිකම භාර ගන්නැයි මට කීවා – සජිත් ප්‍රේමදාස

Must read

සක්විති රජකම ලැබුණත් තම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැති බවත් යහපාලන රජය පැවති කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට අගමැතිකම භාර ගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (02) ගාල්ල නාගොඩදී පැවසීය.

සමඟි ජන බලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා අගමැතිකම භාර ගන්න කියා. ඉන් දහ වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙරයි. 61 වතාවක් ඔක්තෝබර් 26න් පසුව අගමැතිකම භාර ගන්නා ලෙස ආරාධනා කළා. මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදී මට පුළුවන් ද රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න, මට පුළුවන්ද අගමැති වෙන්න. මා එදා එය ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුවයි. සක්විති රජකම දෙනවා කීවත් ඒක කරන්න බැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාර ගන්න කියා. සජිත් ප්‍රේමදාස මෝඩ චූන් වෙලා තීන්දු ගන්නේ නැහැ. අප තීන්දු ගන්නේ දුර දක්නා නුවණකින්, සන්සුන් මනසකින් යුතුවයි.

More articles

Latest article