28 C
Colombo
බ්‍රහස්පතින්දා, මාර්තු 28, 2024

අරලියගහ මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර සොරකම් කළ සැකකරු රිමාන්ඩ්

Must read

අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

මෙම සැකකරු අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු ඉකුත් 09 වනදා අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුනි.

More articles

Latest article