28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

අත්සන් කරන්නද, තෙරුවන් සරණයි කියල ලියන්නද? රටම කතා කරපු විවාහ ගිවිස ගැනීම

Must read

ආදරය කරන යුවළගේ එකම බලාපොරොත්තුව බවට පත්වෙන්නේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමයි. ඇත්තෙන්ම සුන්දර විවාහ දිවියකට අඩිතාලම හැටියට සිදුකෙරෙන මේ විවාහ ගිවිස ගැනීම කියන්නේ ආදරය කරන දෙන්නෙකුගේ සියලු බලාපොරොත්තු ඉටුවන දවසක් කිව්වොත් නිවැරැදියි.

කොහොම වෙතත් ආදරය කරන දෙදෙනෙකුගේ විවාහ ගිවිස ගැනීම් බොහෝමයක් අපට පහුගිය කාලයේ සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ දැකගන්නට ලැබුණා.

කෙසේ නමුත් පහුගිය දිනවල සිදු කෙරුණු විවාහ ගිවිස ගැනීමක් සම්බන්ධයෙන් මෙරට ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම දින කිහිපයකට පෙරදී තරුණ යුවළක් විවාහ ගිවිස ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් මේවෙද්දී සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ සීඝ්‍රයෙන් හුවමාරු වෙන්න පටන් අරගෙන තිබෙනවා.

මේ විදිහට හුවමාරු වෙන වීඩීයෝවේ සඳහන් වෙන්නේ මනමාලයා අත්සන් කරන්න යන අවස්ථාවේදී රෙජිස්ටාර් මහත්මිය කියනවා තෙරුවන් සරණයි කියලා අත්සන් කරන්න කියලා.

ඇය ඒකෙන් අදහස් කරන්නේ තුරුණුවන් සිහිපත් කරමින් නව ජීවිතය ආරම්භ කිරීමට අත්සන් කරන්න කියන දේ. නමුත් එලෙස ඇය කියන මේ දේ මනමාලයා වටහා ගන්නේ වැරදි විදිහටයි.

ඇත්තෙන්ම ඔහු ඔහුගේ අත්සන යෙදීමට තිබෙන තැන තෙරුවන් සරණයි කියලයි අත්සන් කරන්නේ. එලෙස ඔහු අත්සන් කරල අවසන් වෙද්දී මනාලියට සිය අත්සන යෙදීමට අවස්ථාව හිමිවෙනවා.

ඉතින් මේ අවස්ථාවේදී මනමාල මහත්මිය අහනවා තෙරුවන් සරණයි කියලද එහෙමත් නැත්නම් අත්සනද මෙතන ගහන්න ඕනි කියලා. ඇය එහෙම අහනකොට තමයි රෙජිස්ටර් මහත්මියත් දැන ගන්නේ මනමාලයා තමන් කියපු දේ වැරදියට තේරුම් අරගෙන අත්සන වෙනුවට තෙරුවන් සරණයි කියලා ලියල කියලා.

ඉතින් මේ වෙද්දි ඔවුන්ගේ මේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරාවටම ගොඩක් දෙනෙක්ගේ හාස්‍යයට ලක්වෙමින් ප්‍රචාරය වෙන්න පටන් අරගෙන තිබෙනවා.

ඇත්තෙන්ම මේ සිද්ධිය ඔවුන් දෙදෙනාට ජීවිතයේ අමතක නොවෙන සුන්දර මතකයක් වෙනවා නොඅනුමානයි. කොහොම වෙතත් මේ වීඩියෝව දකින බොහෝදෙනෙකු කියන්න පටන් ගත්තේ ඒ වගේ අත් දැකීමක් පළමුවරට විඳින නිසා චකිතයක් එක්ක ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියලයි.

කෙසේ නමුත් එක් දිනක් තුළ සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ රටේම අවධානය හිමිකර ගනිමින් නව ජීවිතයක් ආරම්භ කරන මේ යුවළට ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපිත් හදවතින්ම සුභපැතුම් එක් කරන්නෙමු.

More articles

Latest article