31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

බස්නාහිර ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිද්දා සිට

Must read

බස්නාහිර පළාතේ මඟී ප්‍රවාහන කටයුතු සිදු කරන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සැප්තැම්බර් 1 දා සිට ආරම්භ කෙරෙයි.

ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මෙය ක්‍රියාත්මක කරයි. බස්නාහිර පළාතේ සියලුම මඟී ත්‍රීරෝද රථ හිමියන්ට www.wptaxi,lk වෙඩ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි අතර ලියපදිංචි වීමට අදාළ සියලු විස්තර වෙඩ් අඩවියට පිවිස ලබා ගත හැකිය. ත්‍රීරෝද රථයේ ඉදිරිපස පිටුපස සහ ඇතුළත ඡායාරූප තුනක් යොමු කළ යුතු වන අතර වෙඩ් අඩවියෙන් හෝ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ ලියාපදිංචි වීම කළ හැක. වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණ වන බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවැසීය.

More articles

Latest article