34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

දුරකතන අන්තර්ජාල ගාස්තු 20කින් ඉහළට සැටලයිට් රූපවාහිනි ගාස්තු 25%කින් වැඩි වෙයි

Must read

ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, අන්තර්ජාල පහසුකම් සඳහා වන ගාස්තු සියයට 20 කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවා සැපයුම්කරුවන්ට අවසර දී තිබේ.

දුරකථන සමාගම් මඟින් පවත්වාගෙන යන චන්ද්‍රිකා කේබල් රූපවාහිනි සේවා ගාස්තු ද සියයට 25 කින් මේ අනුව ඉහළ දමා ඇත. ඒ අනුව අද (5) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවා ගාස්තු ඉහළ නැංවෙන අතර ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ඊට අමතරව එම සේවාවන් සඳහා අදාළවන එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු ප්‍රතිශතය ද අද සිට සියයට 3 කින් ඉහළ නංවා ඇති අතර නව VAT බදු ප්‍රතිශතය සියයට 15 ක් වේ. දුරකථන සේවා ගාස්තු ඉහළ නැංවීම අනුව මෙරට ප්‍රධාන දුරකථන සේවා සැපයුම්කරුවන් වන මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල්, හච් ඇතුළු සමාගම් සියල්ල මෙම සංශෝධන අනුව මිල ඉහළ දමා තිබේ.

More articles

Latest article