34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ලෝක සංචාරක දිනය අදයි

Must read

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙවර සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව ලෝක සංචාරක දින සැමරුම් ජාතික උත්සවය හබරණදී අද (27) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳැවැටුණු ජාතික උත්සවය හබරණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, ඊට සමගාමීව කොළඹ හා අරුගම්බේ ප්‍රදේශයන්හි විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. මෙවර උලෙළ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා පළාත් සංචාරක අමාත්‍යාංශය එක්ව සංවිධාන කරයි. ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ අරමුණින් මෙවර සංචාරක දින සැමරුම සඳහා හබරණ තෝරා ගෙන තිබේ.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් “Cycling Tourism” නමින් පාපැදි සවාරියක් සංවිධාන කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම පාපැදි සවාරිය බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, එය කොල්ලුපිටිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන Management & Science University හිදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පැවසීය.

More articles

Latest article