29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට

Must read

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද (31)අලුයම 4.00ට අවසන් කෙරුණි.

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ පසුගිය සිකුරාදා (29) කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේවෙතත් පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වේ.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද සිට අන්තර්පළාත් පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර අද දිනයේදීත් මෙතෙක් පැවති කාල සටහන් අනුවම දුම්රිය ධාවනය කෙරෙන අතර සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවන කටයුතු සිදු වන්නේ හෙට දිනයේ සිටය.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යවේ.

More articles

Latest article