25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජනවාරියේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

Must read

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති කරමින් මේ වසරේ ජනවාරි මාසයේ දී පමණක් 100,000කට වැඩි විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 31 දා තෙක් විදෙස් සංචාරකයන් 102,545 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි 82,327ට සාපේක්ෂව විශාල වර්ධනයක් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

පසුගිය 2022 වසරේ දී විදෙස් සංචාරකයන් 719,978 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර පසුගිය 2022 වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 106,500 දෙනකු පැමිණ තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙම කර්මාන්තයේ සෘජු හා වක්‍රව නිරතව සිටින ලක්ෂ තුනකට වැඩි පිරිසකට දැඩි පීඩාවක් එල්ල වූ බවද ඇමැතිවරයා සඳහන් කරයි. කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි සාධණීය මට්ටමකට පැමිණ තිබෙන බව පෙන්වාදෙන සංචාරක ඇමැතිවරයා මෙම කර්මාන්තය දියුණු කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමේ හැකියාව තිබෙන බවද ඒ වෙනුවෙන් වත්මන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවද ප්‍රකාශ කරයි.

More articles

Latest article