28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉල්ලා අස්වෙයි

Must read

ට්විටර් සමාගමේ සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජැක් ඩොර්සි සිය ඉවත්වීම ද එහි සේවකයින්ට දැනුම් දුන්නේ ට්විටර් පණිවුඩයකිනි.

ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

45 හැවිරිදි ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කර ඇත.

More articles

Latest article