28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනා ගේන්න විපක්ෂ නායක කාර්යාලය ඉඩ දෙන්නේ නැහැ – චාල්ස් නිර්මලනාදන්

Must read

අය වැය කාරක සභා අවස්ථාවේ කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලය විසින් සමඟි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ නම් පමණක් ඉදිරිපත් කිරීමෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දෙවැනියට වැඩිම මන්ත්‍රී පිරිසක් සිටින ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකුගේ නමක් එම නාම ලේඛනයට විපක්ෂ නායක කාර්යාලය විසින් යොමු කර නැති බවයි.

උතුරු නැඟෙනහිර පළාත්වල මහජනතාව මුහුණ පාන ගැටලු සභාවේදී ඉදිරිපත් කරමින් අදාළ විෂය භාර ඇමැතිවරුන්ගේ අවධානයට ලක් කිරීමට තිබූ අවස්ථාව මේ නිසා ගිලිහී යන බවද මන්ත්‍රීවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

සාමාන්‍ය විවාදවලදී විපක්ෂයට ලැබෙන්නේ සම්පූර්ණ කතා කාලයෙන් සියයට 40ක් වන නිසා අප පක්ෂයට ඒ අතුරෙන් ලැබෙන කාලය තවත් සීමා වෙලා තිබෙනවා. නමුත් අය වැය කාරක සභා අවස්ථාවේදී විපක්ෂයට සියයට 60ක කතා කාලයක් ලැබෙන නිසා මේ සිදුවීම හේතුවෙන් අප පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ නිසා අය වැය කාරක සභා අවස්ථාවේ කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට තමන් වෙත ලබාදෙන්නැයිද එම ලිපිය මඟින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

More articles

Latest article