28 C
Colombo
අඟහරුවාදා, නොවැම්බර් 29, 2022

නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය රැසක් මැයි පළමුවෙනිදා සිට අවලංගු කරයි

Must read

නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය වාර රැසක් මැයි පළමුවෙනිදා සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දුර ගමන් සේවා දුම්රියන්හි ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම නිසා මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, මහනුවර, කන්කසන්තුරය, පොළොන්නරුව, බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර 7ක් මැයි පළමුවෙනිදා සිට අවලංගු කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම දුම්රිය ස්ථානයන්හි සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය වන දුම්රිය 2 වැනිදා සිට අවලංගු කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

More articles

Latest article