27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පාසලක 6 හැවිරිදි සිසුවා ගුරුවරියට වෙඩි තබලා

Must read

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන 6 හැවිරිදි සිසුවකු සිය පන්තිභාර ගුරුවරියට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අත් තුවක්කුවකින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ගුරුවරියගේ තත්ත්වය බරපතළ බවත් වැඩිදුරටත් වාර්තා වේ. වෙඩි තැබූ මොහොතේ ඇය පන්තියේ සිටි සිසුන්ට වහා පිටතට දුවන ලෙස කෑගැසූ බව එම පන්තියේ සිටි සිසුන් පසුව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අබේ ස්වර්නර් නමැති 25 හැවිරිදි ගුරුවරියට වෙඩි තැබූ හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය සඳහන් කර ඇති අතර, අදාළ සිසුවා අත් තුවක්කුවත් සමඟ අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් එරට නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සිසුවාගේ වයස අනුව ඔහුට එරෙහිව නඩු පැවැරීමට නීතිමය ප්‍රතිපාදන නැති බවකි.

More articles

Latest article