25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කාන්තා ව්‍යවසායකයන් දිරි ගන්වන්න අමෙරිකාවෙන් කෝටි 3,030ක්

Must read

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙරට කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රුපියල් කෝටි 3,030ක මූල්‍යාධාරයක් දීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් මේ ආධාරය දෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රජා මූලික ව්‍යාපාරවල තිරසර සංවර්ධනයට සහාය වීම ද එහි එක් අරමුණක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව මෙම මූල්‍යාධාරය ශ්‍රී ලංකාවේ ඩී.එෆ්.සී.සී බැංකුව වෙත දෙන බවද අමෙරිකානු ඩොලර් මිලියන 265ක මූල්‍යාධාරයක් මෙලෙස දීමට නියමිත අතර, එහි එක් කොටසක් වශයෙන් ඩොලර් මිලියන 150ක මුදලක් මෙරට කාන්තාවන් වෙනුවෙන් දී ඇති බවද එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) ශ්‍රී ලංකාව සඳහා දුන් විශාලතම ණය ප්‍රමාණය මෙය වන බවද මේ හරහා ඩී.එෆ්.සී.සී බැංකුව ප්‍රමුඛතා අංශයන් සඳහා ණය දීමේ විසඳුම් දෙන අතර විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රටේ ප්‍රයත්නයන් වැඩිදියුණු කරමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමට සහාය වන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

More articles

Latest article