එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බිංග් සයිඩ් අල් නයාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් ඒමිර් රාජ්‍ය ජනාධිපතිවරයා සුබ පතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව මුහුණදෙන දුෂ්කරතා මඟහරවා ගනිමින් ස්ථාවර සහ සාමකාමී පරිසරයක් අත්කර ගැනීම සඳහා සහය වන අතර දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙපළ අවධානය යොමු කර ඇති බව සඳහන්ය.