30 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

අරුණගේ ‘මාරියා’ මොස්කව් සිනමා උලෙළට

Must read

හතළිස් හතරවන මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ (MIFF) තරගකාරි අංශය නියෝනය කිරීම සඳහා අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කළ ඩි.ඇන්ඩ්.ඩි. ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ වෘත්තාන්ත සිනමාපටය සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලාංකේය සිනමාපටයක් මොස්කව් සිනමා උලෙළ ප්‍රධාන තරගකාරි අංශය සඳහා මෙසේ සුදුසුකම් ලබන්නේ වසර තිස්නවයකට පසුවය. ලොව පැරැණිතම අන්තර්ජාතික සිනමා උ‌ලෙළ අතර මුල්ම සිනමා උ‌ලෙළ දෙක නියෝජනය කරන රුසියාවේ මොස්කව් සිනමා උළෙල දැනට පැවැත්වෙන අන්තර් ජාතික සිනමා උලෙළ අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලකි.

මීට පෙර 1976 ධර්මසේන පතිරාජයන් නිර්මානය කළ ‘එයා දැන් ලොකු ළමයෙක්’, ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීර්ස් නිර්මාණය කළ ‘යුගාන්තය’ මෙම චිත්‍රපට උලෙළ තරගකාරි අංශය නියෝජනය කර තිබේ.

1978දී බඹරු ඇවිත්, 2013දී ‘ඔබ නැතුව මොස්කව් උලෙළ දි ශ්‍රීලංකාව නියෝජනය කර ඇත. එහෙත් 1983දී යුගාන්තය චිත්‍රපටය තරගකාරි අංශය නියෝජනය කිරීමෙන් පසුව වසර තිස්නවයකට පසු එම අනගී අවස්ථාව උදාව ඇත්තේ අරුණ ජයවර්ධනගේ ‘මාරියෝ’ සිනමා පටයටයි.

අරුණ ජයවර්ධනගේ කුළුඳුල් චිත්‍රපටය වූ නිකිණි වැස්සද දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කරගෙන තිබේ. මෙම චිත්‍රපටයේ සියලුම දර්ශන මුහුද මැද රූගත කර තිබෙන අතර කාන්තා චරිතවලින් තොරවීම, ඉන්දුනීසියාවේ ධිවරයන් කාණ්ඩායමක් මුහුණදුන් අත්දැකීමක ප්‍රතිනිර්මාණයක් වීම විශේෂයකි. මෙහි රඟපෑම් මහේන්ද්‍ර පෙරේරා. හේමාල් රණසිංහ, අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහා සුරන් දසනායක ගෙනි. කැමරාකරණය චන්න දේශප්‍රිය, සංස්කරණය ඩිලන්ත පෙරේරා. සංගිතය චින්තක ජයකොඩි,අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන්ද, මැක්ලේන් ඇඩම් සහාය කැමරාකරණයෙන්ද. සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙක්ද සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද ප්‍රියංක රත්නායක අංග රචනයෙන්ද, ගිහාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙනේ දායක වී තිබේ.

More articles

Latest article