33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකා රජය තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි

Must read

සහයෝගිතා රාමුව ඉදිරි වසර පහ සඳහා (2023 – 2027) එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, අරමුදල් සහ වැඩසටහන්වල වැඩ කටයුතු සඳහා මාර්ගෝපදේශකයකි

එක්සත් ජාතීන්ගේ තිරසර සංවරධන සහයෝගීතා රාමුව (UNSDCF) 2023-2027 ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් විසින් අද (17) දියත් කරන ලදී.

UNSDCF යනු ශ්‍රී ලංකාවේ සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල කටයුතු මෙහෙයවන රාමුව වන අතර තිරසර සංවරධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමූහික දැක්ම සහ දායකත්වය ප්‍රකාශ කරයි. සහයෝගීතා රාමුව, කෝවිඩ්-19 හි බලපෑමත් ආර්ථික අර්බුදයෙන් ශීඝ්‍ර ප්‍රකෘතියක් සහතික කිරීමේ ක්‍රියාමාර්ගය වේගවත් කිරීම සඳහාත් මූලිකත්වය ලබා දෙයි. එසේම ශ්‍රී ලංකාවේ සියලුම පුුද්ගලයන්ගේ ආර්ථික ත්‍රියාකාරකම්, සමාජ සේවා, යහපත් රැකියා, සමාජ සහජීවනය සහ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ආර්තිකය පුනර්ජීවනය වෙනුවෙන් සහය දැක්වීමට ප්‍රමුකත්වය ලබා දෙයි.

UNSDCF සම-අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ද එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් – හමීඩ් මහත්මිය විසින්ද සිදුකරනු ලැබින. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන අරමුදල් සහ වැඩසටහන් ප්‍රධානීන් ද සහයෝගීතා රාමුවට අත්සන් තැබූහ. මුදල් අමාත්‍යාංශයේ දී පැවති මෙම අත්සන් තැබීමේ උත්සවයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලච්ලන්-කාර් මහතා ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ “වර්තමාන ගෝලීය අභියෝග පෙන්නුම් කරන්නේ බහුපාර්ශ්වික විසඳුම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව හවුල් ප්‍රමුඛතා වෙනුවෙන් අඛණ්ඩව එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සමඟ ඇති මෙම සහයෝගිතා රාමුව ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තිරසර සහ සියල්ලන් ඇතුලත් සංවරධනයක් කරා යන ගමන් මග ප්‍රධාන වනු ඇත.

වැඩිදුරටත් කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි පැවසුවේ “මෙම සහයෝගිතා රාමුව අන්‍යෝන්‍ය ලෙසින් පාර්වශවකරුවන් සතු වන අතර ජාතික සංවර්ධන ප්‍රමුුඛතා 2030 න්‍යාය පත්‍රය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ් මූලධර්ම හා සහ සම්බන්ධතා දක්වයි. UNSCDF අන්තර් සම්බන්ධතා සහ අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් උපාය මාර්ගික ප්‍රමුඛතා හතරක් වටා ව්‍යූහගත වී ඇති අතර එහිදී එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශ්‍රී ලංකාවට පරිවර්තනීය සහ වේගවත් ප්‍රගතියක් ලබා ගැනීමට සහය වීම සඳහා සිය විශේෂඥ දැනුම සංකේන්ද්‍රණය කරනු ඇත. මෙම මූලෝපායික ප්‍රමුඛතා අන්තරකරණය වූ සහ සමානාත්මතාවය ද මානව සංවරධනය
සහ යහපැවැත්ම ද සමෘධිමත් හවුල්කාරත්වයක් සහ පාරිසරික තිරසරබව සඳහා ප්‍රත්‍යාස්ථ සහ හරිත ප්‍රතිසාධනය සහ
වර්ධනය සමාජ සහජීවනය සහ අන්තර්කරණීය පාලනය සහ යුක්තිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ද ආවරණය කරයි. ඇත්ත වශයෙන්ම, ආරිථික අර්බුධයෙන් සහ යකාවිඩ්-19 හි බලපෑමෙන් සීඝ්‍රෙයන් ප්‍රකෘතිමත් වීම අපගේ කාර්යයට පාදක වනු ඇත.” එක්සත් ජාතීන්ගේ වැඩසටහන් මානව හිිමිකම් සහ වෙනස් කොට සැලකීම නොකිරීම සහ “කිසිවෙකු අත නොහැර” යන්න සහතික කිරීම යන මූලධර්ම තුන සහ සම්බන්ධ වී ඇති බව ඇය වැඩිිදුරටත් සඳහන් කළාය.

“2023 – 2027 සංවර්ධන සහයෝගිතා රාමුව තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායම සමඟ සහයෝගීව කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා පිළිබිඹු කරයි. එය අවසන් වන්නේ ශ්‍රී ලංකාවේ ආරිථික හා සමාජීය පෙරමුණු තුළ පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාත්මක වෙමින් පවතින ඉතා වැදගත් මොහොතකය. මෙම රාමුව එහි සංවරධන ක්‍රියාකාරකම් ඉදිරියට රැගෙන යාමේදි මෙන්ම ජාතික මට්ටමේ සම්බන්ධීකරණ වැඩිදියුණු කිරීමේ් දී ද එක්සත් ජාතීන්ගේ පද්ධතියට වැදගත් වෙනසක් ද ඇති කරයි.” විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛම් අරුණි විජේවර්ධන මහත්මිය පැවසුවාය.

UNSCDF සඳහා ඇස්ගතමේන්තුගත ඇමරිකන් ඩොලෙර් මිලියන 60 මූලික අයවැය ප්‍රතිපාදන හරහා අරමුදල් සපයනු ලැබේ. අමතරව ත්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු කාලය තුළ වෙනත් සම්පත් හරහා ඇමරිකන් ඩොලර් මිලියන 325 ලබා දෙනු ඇත.

More articles

Latest article