34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අධ්‍යාපන හා පෝෂණ වැඩසටහන් සඳහා යුනිසෙෆ් සංවිධානයෙන් ඩොලර් මිලියන 25ක්

Must read

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ගර්භිණී හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය නංවාලීමට අවශ්‍ය වැඩසටහන් සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් අමෙරිකන් ඩොලර් මිලියන 25ක් වෙන් කර තිබේ.

දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝජ් ලායා අජේ ප්‍රමුඛ යුනිසෙෆ්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවේදී අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභි පවුල්වල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් දෙන ආධාර වැඩි කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

More articles

Latest article