31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවන දිනය ප්‍රකාශ කරයි

Must read

2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත කැඳවීම සැප්තැම්බර් මස 05 වන දායින් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් ලබන මස 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“අයදුම්පත් කැඳවීම ආරම්භ කරන්නේ, සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා. දරුවන්ට අයදුම්පත් යොමුකිරීම සඳහා සති තුනක කාලසීමාවක් ලබාදීලා තියෙනවා. ඒ කියන්නේ අවසාන දිනය වෙන්නේ සැප්තැම්බර් 23 වෙනිදා. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව බලාපොරොත්තු වෙනවා දරුවන් 42,519ක් බඳවා ගැනීමට. අවසාන වශයෙන් මේ ඉලක්කම මීට වඩා වැඩිවිය හැකියි. ඒ එක්කම දරුවන් ට මේ ප්‍රවේශය සඳහා අයදුම් කිරීමේ දී අන්තර්ජාලය හරහා යම් ගැටලුවක් ඇති වුණොත් ඔවුන් ට පුළුවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පැය 24 පුරාම විවෘතයි 1919 ඔස්සේ ඒ සඳහා සම්බන්ධ විය හැකියි.”

More articles

Latest article