32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

එජාප 76 වැනි සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් අද සුගතදාස ක්‍රීඩාංගණයේදී

Must read

රට ගොඩ ගැනීමට සියලු දෙනා එක් කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සම්මේලනය ‘එක්ව රට ගොඩනඟමු’ යන තේමාව යටතේ අද (06) පස්වරු 3ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993දීය. පක්ෂ සාමාජිකයන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලු පක්ෂ සහ සිවිල් සංවිධානවලට සංවත්සර සැමරුම් උත්සවය සඳහා ඇරයුම් කර තිබේ.

මෙවර පක්ෂ සංවත්සරය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මඟින් සංවිධානය කෙරෙන අතර, සංවත්සරයට සමගාමීව පෙරේදා (04) දා දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකම ආගමික වතාවත් පැවැත්විණි.

More articles

Latest article