28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 7ක සහායෙන් මානව හිමිකම් සැසියට යෝජනා කෙටුම්පතක්

Must read

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රටවල් 7ක සහභාගිත්වයෙන් යෝජනාවක් කෙටුම්පත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය සඳහා එය ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ එම රටවල් අතරට අයත් බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ මේ නව යෝජනාව මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි වාර්තා වන අතර, එම සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිස මේ යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද එම වාර්තා සඳහන් කරයි.

මේ යෝජනා කෙටුම්පත මඟින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපරාධයක් කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාළ වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මුල් වූ ආර්ථික අපරාධ කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු යැයිද මේ යෝජනා කෙටුම්පත් මඟින් නිර්දේශ කර තිබේ.

More articles

Latest article