34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

මානව හිමිකම් ප්‍රවර්ධන යෝජනා 6 දා සිට ක්‍රියාවට

Must read

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව එළඹෙන 6දා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන අතර, එය එළඹෙන 7දා අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ සකස් කළ A/HRC/51/L.1 යෝජනා කෙටුම්පත, එළඹෙන 6දා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගනු ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා මෙම කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ සමාප්ති කොටස සඳහා ජිනීවා නුවරට යෑමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවට තවත් රටවල් සම අනුග්‍රාහකයන් ලෙස අත්සන් තබා තිබේ. ඒ අනුව එම යෝජනාවට ඇල්බේනියාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය සහ ඇ‍ෙමරිකා එක්සත් ජනපදය දැනටමත් අත්සන් තබා තිබෙන බව වාර්තා වෙයි.

‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මාතෘකාව යටතේ කෙටුම්පත් කළ අදාළ යෝජනාවට මුලින් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අනුග්‍රහය දක්වා තිබිණි.

More articles

Latest article