27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

විශ්වවිද්‍යාල ප්‍රථම ඩිජිටල් වෛද්‍ය මධ්‍යස්ථානය ජයවර්ධනපුරට

Must read

විශ්වවිද්‍යාල ප්‍රථම ඩිජිටල් වෛද්‍ය මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කෙරේ. මෙරට රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවලයටතේ මෙය ක්‍රියාත්මකවේ.

මෙම රෝහලේ සෞඛ්‍යය තොරතුරු කළමනාකරණ පද්ධතිය හදුන්වාදීමෙන් 15,000කට වැඩි ශිෂ්‍ය, ආචාර්ය මණ්ඩලය හා සෙසු කාර්යමණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය සේවා පහසුකම් වඩාත් පහසුවෙන් හා විධිමත් ලෙස පවත්වාගනයාමට හැකිවේ.

වෛද්‍ය වාර්තා තබාගැනීම, ඖෂධ නිකුත්කිරීම, වෛද්‍ය පරීක්ෂණ වාර්තා පවත්වාගන යාම ඇතුළු වෛද්‍ය කළමනාකරණ සේවා රැසක් මෙමගින් සපයයි.

මෙරට රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල යටතේ මේවනවිට දිවයින පුරා රෝහල් 46ක් ඩිජිටල් කරණය කර ඇති අතර එය විශ්ව විද්‍යාල පද්ධතියට හදුන්වාදුන් පළමු අවස්ථාව මෙය වේ . ඒ සදහා වූ තාක්ෂණික පහසුකම් හා සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සපයයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම ආරම්භක අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ,ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ ,මහාචාර්ය ප්‍රසාද් ජයවීර ,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු මහින්ද බි හේරත් ,ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරි කාංචන තුඩුගල ,රේඛිය ව්‍යාපාර විසැදුම් අධ්‍යක්ෂ අමිල කුලරත්න ,වැඩසටහන් කළමනාකරු මහීස දයානන්ද ඇතුළු නියෝජිතයන් රැසක් සහභාගීවුහ.

More articles

Latest article