25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වූ මහාචාර්යවරයා යළිත් ජනතාව අන්දන්න හදනවා – එජාප දඹදෙණිය ආසන සංවිධායක භාරත තෙන්නකෝන්

Must read

රටේ ජනතාවගේ බුද්ධි මට්ටමට පහරදෙමින් 2016 සිට රටේ ජනතාව රැවටූ වියත් මගින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් වෘත්තියවේදීන්ගේ සංගමයට මේ රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක භාරත තෙන්නකෝන් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී භාරත තෙන්නකෝන් මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස් වෘත්තියවේදීන්ගේ සංගමය පෙරේදා රැස්වීමක් පැවැත්වුවා. පරණ වියත්මඟෙන් කැඩුණු පිරිසක් එක්ව පැවැත්වූ එම රැස්වීමේදී යහපාලන ආණ්ඩු සමයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සංව ර් ධන කටයුතු විවේචනය කරන්න උත්සාහ ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ඉදිරිපත් කරනවාත් සමඟම මේ කණ්ඩායම ඇවිස්සී තිබෙනවා. මේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ හිටිය දී හරි විදියට හරි වෙලාවට උපදෙස් දුන්නා නම් නිසි වෙලාවට කළමනාකරණය කරගන්න තිබුණා. එහෙනම් මේ රට මේ විදියට විනාශ වෙන්නේ නැහැ. බැඳුම්කර ස්වෛරී බැඳුම්කර ඇතුළත්ව අප රට වැඩිම ණය ලබා ගත්තේ 2019 වස‌රේ බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචා ර් යවරයකු එම රැස්වීමේදී පවසනවා. එසේම ලංකාව වැඩිපුරම ණය ගෙවන්නේ 2020 වසරේ බවත් ඔහු පැවසුවා. එහෙම ණය ගෙවපු ගෝඨාභය රාජපක්ෂ මිනිස්සු එකතු වී පන්නා ගත් බවත් පැවසුවා. ඔහු මේ කතා කරන්නේ මොන දත්ත පදනම් කරගෙනද? 2019 දී අප ණය ගත්තේ රටේ සංව ර් ධනයට මිස 2010-2015 සමයේ මෙන් ණය ගෙන කොටසක් සොරකම් කර තව කොටසක් යාළුවන්ට දී තවත් කොටසක් සාක්කුවේ දාගෙන ඉතිරි වන සියයට විස්සකින් තිහකින් රටට වැඩක් නැති ව්‍යාපෘති කිරීමට නොවෙයි.

2020 දී ගෝඨාභය රාජපක්ෂ ණය ගෙව්වා නම් 2021 දී රට බංකොලොත් වුණේ ක්‍රමයක් නැතිව ගෙවපු ණය නිසා බව කියන්න පුළුවන්. ඒත් ගෙවපු ණයක් අප දැක්කේ නැහැ. දන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් මහ බැංකු වා ර් තාවල තිබෙනවාද යන්න සැකයි. මේ මහාචා ර් යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා නිතර හමු වූ අයෙක්.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටි සමයේ මාලඹේ සිට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතිය(LRT) හදන්න ජපානයෙන් ආධාරයක් සහ ණයක් ලැබුණා. ඒය රටට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක්. ඩොලර් බිලියන 48ක මුදලක් ඒ සඳහා ලැබීමට තිබුණා. ණය මුදල සඳහා අය කරන්නේ සියයට දශම 1ක පොලියක් පමණයි. ණය මුදල වසර හතළිහකින් ගෙවන්නත් වසර දොළහක් යනතුරු සහන කාලයකුත් ලැබුණා. වසර දොළහක් යනතුරු රුපියලක්වත් නොගෙවා ජපානයෙන් ණය මුදල ලබා ගත හැකිව තිබුණා‌.

මේ මහාචා ර් යවරයා නිතර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙන්න ගිහින් මේ ව්‍යාපෘතියේ අඩුපාඩු පෙන්වා ජපානයෙන් අපට ලැබෙන්න තිබූ ව්‍යාපෘතිය නැවැත්වුවා. ඒ වෙනුවෙන් අපට ජපානයට ඩොලර් බිලියන පහක් ගෙවන්න සිදු වුණා. මහාචා ර් යවරයාගේ අදහස වුණේ වැඩි පොලියට මේ ව්‍යාපෘතිය චීනයට ලබා දීමටයි.මේ මහාචා ර් යවරයා යළිත් රටේ ජනතාවට අන්දන්න හදනවා. මොවුන් වියත් මඟ කියා 2016 සිට ර‌ටේ සියලුම ප්‍රජාව රැවට්ටුවා. රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටමට පහර දුන්නා. වියත් මඟ දිගින් දිගටම කටයුතු කළේ යහපාලන රජය නැති කරන්න කරුණු ඉදිරිපත් කළ ඒක පමණයි. වියත් මඟ නිසා බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එම වියත් මඟ නිසාම ජනාධිපති ධුරය අතහැර මේ රටේනුත් යන්න වුණා. වියත් මඟෙන් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් වෘත්තියවේදීන්ගේ සංගමයට මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. 2023 අයවැයත් සමඟ ඇතිවන සංව ර් ධන ක්‍රියාවලියට බාධා කරන්න හැකියාවක් නැහැ. බොරුව නැවතත් මේ රටේ පැළ කරන්න උත්සාහ කරන්න එපා යැයි එම මහාචා ර් යවරයාට අප කියනවා.

More articles

Latest article