25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

එජනිස හවුල් පක්ෂ 5ක් මහ ලේකම් තිලංගව පිළිනොගනී

Must read

තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස නොපිළි ගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 5ක් විසින් දැනුම්දී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා වන මහින්ද අමරවීර මහතා ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා පත් කිරීම සම්බන්ධයේ වූ පුවත මාධ්‍ය මඟින් දුටු විට විමතියට පත් වූ බවද එම පක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මහ ලේකම්, ඩග්ලස් දේවානන්දා, ජාතික ක්‍රොංගසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම්. ආතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංග නවරත්න, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන අයගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබේ.

More articles

Latest article