27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

ඩොලර් හිඟයක් තිබුණත් ඉන්ධන හිඟයක් හෝ විදුලි කප්පාදුවක් නෑ – අමාත්‍ය උදය ගම්මන්පිල

Must read

ඩොලර් හිඟයක් පැවැතිය ද සෞඛ්‍ය සහ ඉන්ධන සැපයීම වෙනුවෙන් සියයට සියයක්ම මූලිකත්වය දී තිබෙන අතර ඉන්ධන හිඟයක් හෝ විදුලිය කැපීමක් සිදු නොවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.

තෙල් පිරිපහදුව වසන අවස්ථාව වන විටත් දැවිතෙල් මෙට්‍රක් ටොන් 70000ක් පමණ තිබූ බවත් කිසිදු විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදු නොවන බවත් ඇමතිවරයා පැවසීය.

රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණයත්, ඉන්ධන හිඟයත් නිසා විදුලිබල කප්පාදුවක් සිදුවේදැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

More articles

Latest article