31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට කොරෝනා එන්නත ලබාදී අවසන් – වජිර අබේවර්ධන

Must read

ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ තිබෙන සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන අඩුම තරමින් මේ වන විට මෙරට ජනගහනයෙන් අඩකටවත් කොරෝනා එන්නත දීමට පියවර ගනු ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අවශ්‍ය මුළු ජනගහනයටම කොරෝනා එන්නත දීමට වැය වන්නේ ඇමරිකා ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවද පෙන්වාදුන් වජිර අබෙිවර්ධන මහතා ලොව පුරාම රටවල් සමග සමීප සබඳතා ගොඩ නඟා ගෙන සිටින පරිණත රාජතාන්ත්‍රිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මුදල සොයා ගන්න කිසිදු අපහසුතාවයක් නැතැයිද කීවේය.

‘‘මීට අමතරව ශ්‍රී ලංකා දැනට සිරවී සිටින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් ණය පැරිස් ක්ලබ් සංවිධානය හරහා කපා ගැනීමේ හැකියාව ද රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇතැයි‘‘ ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලික මට්ටමෙන් රජය ගෙන තිබෙන ණය ලන්ඩන් ක්ලබ් සංවිධානය හරහා සහන පිළිවෙතකට පරිවර්තනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අංශයේද සමීප සබඳතා ඇතැයිද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

More articles

Latest article