31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

උෂාන් තිවංකගෙන් උස පැනීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක්

Must read

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට උෂාන් තිවංක සමත්ව තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී ඔහු එම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලිය දී නැවතත් උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඔහු එහිදී දැක්වු දක්ෂතාවය මීටර් 2.30ක් ලෙසය.

ඔහු මෙලෙස අභිබවා ගියේ මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 2.28ක වාර්තාවයි.

ඒ අනුව උෂාන් තිවංක ඊයේ (08) දැක්වු දක්ෂතාවය වාර්තා අතරට එක් වුණේ දකුණු ආසියාවේ උස පැනීම ඉසව්වෙන් වාර්තා වු හොඳම දක්ෂතාවය ලෙසය.

More articles

Latest article