28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

Viskud බෝට්ටු නිෂ්පාදනාගාරය ධීවර ඇමතිගේ නිරීක්ෂණයට

Must read

නෝවේනියානු ජාතිකයකු විසින් Viskud නමින් මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති බෝට්ටු නිෂ්පාදනාගාරය පසුගියදා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

උතුරේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ටද අවශ්‍ය වන බෝට්ටු නිෂ්පාදනය කිරීමට එම ප්‍රදේශයේද බෝට්ටු නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී ධීවර ඇමැතිවරයා එම හිමිකරුගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දිරිගැන්වීම සදහා ධීවර අමාත්‍යංශ මගින් ලබා දිය හැකි සියලු සහයෝගයන් මෙම කර්මාන්තශාලාව වෙත ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

විදේශීය ඉල්ලුම සදහා බෝට්ටු නිෂ්පාදනය කර අපනයනය කිරීමෙන් විදේශ විනිමය වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්ඇමැතිවරයා මෙම බෝට්ටු නිෂ්පාදනාගාරයේ හිමිකරුට පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වු බෝට්ටු නිෂ්පාදනාගාරයේ හිමිකරු පවසා සිටියේ ලංකාවේ සියලුම ධීවරයන්ට අවශ්‍ය බෝට්ටු නිෂ්පාදනය කිරීම සදහා තම ආයතනයට හැකියාව පවතින් බවත් එමගින් මෙරට තරුණ තරුණියන් බොහෝ පිරිසකට රැකියා අවස්ථාවන් උදා කිරීමටද හැකියාවක් ලැබෙන බවත්ය.

More articles

Latest article