31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

විරෝධතාකරුවන් 21කට විදෙස් ගමන් තහනමක්

Must read

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වසන්ත මුදලිගේ, ජෝසෆ් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ ද විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කළේය.

ඒ, අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ලෝටස් පාර, මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙනි.

කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කොටුව පොලීසිය ඊයේ අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම පුද්ගලයින් විදේශගතවීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවය.

ඒ අනුව අදාළ පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

More articles

Latest article