27 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ සම්බන්ධව විග්නේෂ්වරන්ට එරෙහිව විමර්ශනයක්

Must read

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත පසුගියදා දන්වා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වී‍මේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව මෙම විමර්ශනය පවත්වන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය. ‘‘එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි.’’ ‘‘හමුදාව විසින් ලක්ෂයකට අධික’’ දෙමළ ජනතාව වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මරා දාලා.’’, ‘‘උතුරු පළාතේ බුදු පිළිම ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා.’’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් රූපවාහිනී වැඩසටහනවලදී ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් අතුරුගිරිය පදිංචි නදීක දර්ශන වේරදුව නමැති අය කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන අගෝස්තු 03 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට නියම කළේය.

More articles

Latest article