25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

වයඹ ආණ්ඩුකාර තනතුර වසන්ත කරන්නාගොඩට

Must read

හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී වයඹ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා ‘කොවිඩ්’ ආසාදිතව අභාවප්‍රාප්ත වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.

More articles

Latest article