33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

වසන්ත මුදලිගේට එරෙහි රැඳවුම් නියෝගය බලරහිත කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Must read

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රවිහාර පින්නදුවගේ මහතා මාර්ගයෙන් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

More articles

Latest article