26 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

කාන්තාවන් තිදෙනකු දූෂණය කළ ගායකයාට වසර 13ක සිරදඬුවම්

Must read

කාන්තාවන් තිදෙනකු දූෂණය කිරීමේ සහ අසභ්‍ය ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධව වරදකරු වීමෙන් චීන සම්භවයක් සහිත කැනේඩියානු ගායක ක්‍රිස් වූ වසර 13ක සිර දඬුවමකට යටත් කර ඇතැයි චීනයෙන් වාර්තා වේ. 32 හැවිරිදි මේ ගායකයා ඊයේ බීජිං නුවර අධිකරණයේදී මේ දඬුවමට ලක් විය.

චීනයේ සහ කැනඩාවේ වරින් වර පදිංචිව සිටින ඔහු පසුගිය වසරේදී අත්අඩංගුවට පත් වූයේ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවකටය. අනතුරුව ඊට වසර දෙකකට පෙර ඔහුගේ අතවරයට ලක් වූ කාන්තාවන් දෙදෙනකු ද පොලිසියේ පැමිණිලි කර තිබිණි. මීට අමතරව වැඩිහිටියන්ට පමණක් සහභාගි විය හැකි අසභ්‍ය ප්‍රසංගයක් සංවිධාන කරමින් ඊට ජනතාව එක්රැස් කිරීමේ චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබිණි.

ක්‍රිස් වූ රටින් පිටුවහල් කිරීමට අධිකරණය තීරණය කර ඇති අතර, චීන නීතියට අනුව වරදකරුවකු රටින් පිටුවහල් කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට නියම වූ සිරදඬුවම් කාලසීමාව අවසන් වීමෙන් පසුවය.

More articles

Latest article