31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

විලියම් කුමරුගෙන් හැරී කුමරුට ප්‍රහාරයක්

Must read

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු තමන්ට පහරදුන් බව හැරී කුමරු ස්වයං චරිතාපදානය තුළ සඳහන් කර ඇත.

හැරී කුමරු විසින් රචිත ස්වයං චරිතාපදානය වන ‘ස්පෙයාර්'(Spare) හි මේ බව සඳහන් කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

එම චරිතාපදානයේ සඳහන් කර ඇත්තේ හැරී කුමරුගේ බිරිඳ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර තමන්ට වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදුන් බවය. එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවද හැරී කුමරු ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් කෙන්සිංටන් මාලිගය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් “කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි” බවයි.

මෙම ස්වයං චරිතාපදාන ග්‍රන්ථය ලබන අඟහරුවාදා තෙක් ප්‍රසිද්ධියට පත් නොකරනු ඇතැයි ද වාර්තා වේ. නමුත් ගාඩියන් පුවත්පත සදහන් කර ඇත්තේ දැඩි පූර්ව ආරක්ෂාවක් සහිතව අදාළ චරිතාපදානයේ පිටපතක් ලබා ගත් බවයි.

ගාඩියන් පුවත්පතට අනුව, විලියම් කුමරු හැරී කුමරුට 2019 දී ලන්ඩන් නිවසේදී මෙම පහර දීම සිදු කර ඇත.

More articles

Latest article