28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්තිවලින් කෘෂිකර්මය විනාශ වෙලා – වජිර අබේවර්ධන

Must read

ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්ති නිසා අද වනවිට කෘෂිකර්මාන්තය විනාශයට තල්ලු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මාධ්‍ය වෙත ඒ මහතා පැවසුවේ හිටිහැටියේම රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට ආණ්ඩුව පියවර ගැනීම තුළින් ගොවියා අතරමං වී ඇති බවයි.

ඩොලර් හිඟකම නිසා රසායනික පොහොර ගෙන්වීම නතර කළත් ඒ ක්‍රියා මාර්ගය හේතුවෙන් රටට ලැබෙමින් තිබුණු ඩොලර් ප්‍රමාණයත් අහිමි වී තිබෙන බවත් පොහොර නැතිකම නිසා පාරම්පරිකව වී ගොවිතැනේ නියැළෙමින් රටට බත සැපයූ ගොවි ජනතාව අද එම කටයුතුවලින් ඉවත් වෙමින් සිටින බවත් හෙතෙම කීවේය.

More articles

Latest article